ජන කවියේ හැඩරුව
සාමාන්‍ය ගැමි ජනතාව අතර ඔවුන්ගේ දුක හා සැප
මුහුව විවිධ තරාතිරමේ පුද්ගල අත්දැකීම් පාදක කොට නිර්මාණය වී ඇති ජනකවිය වියත් කවියෙන්
වෙනස් වන ලක්ෂණ රාශියක් පෙන්වා දිය හැකිය
·
කතුවරයෙකු නොමැති බව
·
පණ්ඩිත කාව්‍ය ලක්ෂණයෙන් බැහැර වීම
·
ලිහිල් බව
·
ග්‍රාම්‍ය බව
·
නිර්ව්‍යාජ බව
ජන කවිය සාමූහික එකතුවකි එකම කවිය ප්‍රාදේශීයව
විවිධ වෙනස් වීම් වලට ලක් වී තිබීමෙන් පැහැදිලි වන්නේ ජන කවිය යම් පුද්ගලයෙකු
අතින් එක් අවස්ථාවක බිහි වු අතර එය අසා සිටි සහෘදයා ඒ තුළ වූ අඩු ලුහුඩුකම් මකා හෝ
තමාට ඇසුණු පරිදි හෝ එය නැවත කීමේදී පළමු කවියේ අඩු වැඩි වී ඇති බවයි ජන කවියට
කර්තෘත්වයක් නැත්තේ එහෙයිනි
ජන කවියා නිදහස් ස්වාධීන පුද්ගලයෙකි වියත් කවියා
කිසියම් සාම්ප්‍රදායට ගැති වූ සම්මත කාව්‍ය සිද්ධාන්ත පද්ධතියකින් බැද දමා ඇති
පුද්ගලයෙකි

No comments:
Post a Comment