Wednesday, April 19, 2017

අන්තර්ජාලය කරා සිනමාවේ පැමිණීම



අන්තර්ජාලය කරා සිනමාවේ පැමිණීම

            චිත‍්‍රපටය වු කලී වර්තමාන ලෝකයේ ඇති ප‍්‍රබලතම ජන සන්නිවේදන මාධ්‍යයකි මෙහිදී මුලික වශයෙන් සිදු වන්නේ දෘෂ්ටි ගෝචර සංකේත මාලාවක් තුළින් මානුෂික අත්දැකීම කර ගැනීමට හැකි වන්නේ එම දෘෂ්ටි ගෝචර සංකේත පද්ධතියකට සාමාජික හා සංස්කරණ අර්ථයෙන් ආරෝප කළ විට පමණ
            සිනමාව කලාවක් ලෙස ප‍්‍රචලිත කිරීම කිරීම පිළිබඳ නොයෙකුත් මතිමතාන්තර පැවතියද  අතීතයේ සිටම සෞන්දර්යය ගුණයන් යුතුව මානව හැඟීම් සන්නිවේදනය කිරීම සදහා සිනමා මාධ්‍ය ඉවහල් කොට ගැනීමට සිනමාකරුවා උත්සුක වී තිබේග අනෙකුත් ලලිත කලා හා සමඟ සිනමාවද කරට කර සිටිමින් එහි ගති පැවතුම් හා තාක්ෂණික කි‍්‍රයාවලිය මගින් කලාවේ මූලික අරමුණ ඉටු කර ගැනීමේ නැඹුරුවක් පෙන්නුම් කරයි සාහිත්‍යකරුවා තම ඥානය මෙහෙයවමින් සාහිත්‍යයේ චතුර්විධ ලක්ෂණ ප‍්‍රචලිත කරන්නා සේම සිනමාකරුවාද සංඥා සංකේත උපමා රූපක මගින් පසුබට නොවන වැඩි ශක්‍යතා පෙන්නුම් කරය
වර්තමානයේ පවත්නා සෑම කලාවක්ම පාහේ කාලානුරූපීව හා අවස්ථානුකූල  හැඩගැසෙමින් සමාජයේ ප‍්‍රචලිත වීමට දේශපාලනික හා දාර්ශනික හා ආර්ථික සාධක මෙන්ම තාක්ෂණික සාධකද අතිශයින් වැදගත් වන්නේය කලාව හා තාක්ෂණය අතර පවත්නා සහසබන්ධතාව හැම විටම පැහැදිලි තත්ත්වයකින් නොපැවතුනද තාක්ෂණික වශයෙන් ඇති අභිවර්ධනය කිසියම් සමාජයක පවත්නා මතවාදී හා ආර්ථික සාධක නිසා යම් යම් කලා මාධ්‍ය හා සම්බන්ධ සෞන්දර්යය වේදයන්ද දියුණු තාක්ෂණයන් ඉල්ලා සිටිනු දක්නට ලැබේ
මුද්‍රණ ශිල්පයේ අභිවෘද්ධියත් සමඟ තෙල් සායම් භාවිතය නිසා චිත‍්‍ර කලාවද ඇති වන්නට වියx පෘථිවියේ ජීවයක් පළමු වරට ඇති වූ දා සිට මනූෂ්‍යත්වයේ ශක්තිය අත්විදීමේ අද මෙන් තියුණුව පැවතියේය ඔවුන්ට අදහස් හුවමාරු සදහා වාචික සන්නිවේදනයන් ආරම්භයේදී දක්නට නොලැබුනද අභිනයෙන් අදහස් හුවමාරු කිරීම පැවතිණි
මිනිසා කණ්ඩායමක් වශයෙන් ජීවත් වන විට අදහස් ප‍්‍රකාශ කිරීමේ අවශ්‍යතාව දැනිණි ඒ සදහා භාෂාවක අවශ්‍යතාව දැනිණි ඒ සදහා භාෂාවක අවශ්‍යතාව වැඩි විය කථා කිරීම පමණක් හේතු කොට ගෙන මනූෂ්‍යයාට තම අදහස් ප‍්‍රකාශ කිරීමේ අඩු බවක් දැනෙන්නට වූයේය
මනූෂ්‍යයා තම අදහස් එකල විසූ ගල් ගුහා වල රූප සිත්තම් කරන්නට බිහිවීමට මූලික පදනම වූයේ ඔවුන්ගේ විවේකයයි එදිනෙදා ජීවිතය පවත්වා ගැනීම උදෙසා ජීවනෝපාය වශයෙන් දඩයම් කිරීමට කැලයට ගිය විට සමස්ථයේ සිදු වන කරදර හැඟීම් ප‍්‍රකාශ කිරීමට දැරූ උත්සාහයක් ලෙස ගල් ගුහා වල චිත‍්‍ර ඇද ඇත
මෙසේ මානව සමාජය පරිණාමය වෙමින් ඉදිරියට යන තාක්ෂණය සමඟ සීඝ‍්‍ර දියුණුවක් ඇති වියග දියුණු වූ තාක්ෂණය ඡායාරූප කලාව සොයා ගැනීම දක්වා නොයෙක් තාක්ෂණික අත්හදාබැලීම් මත නිශචල ඡායාරූප චලන රූප රූපාවලියක් බවට පත් කිරිමට විද්‍යාඥයන්ට නව දැනුම යොදවන්නට විය එම උත්සාහයේ ඵලයක් ලෙස චිත‍්‍රපටය ගොළු බවින් මිදීම සමඟ එයට වර්ණය හා තාක්ෂණය එකතු වීමෙන් අන්තර්ගතය හා හැඩරුව පුළුල් වීම නිසා චිත‍්‍රපට මාධ්‍ය වර්ධනය වීම ආරම්භ වූයේ වේගයෙනි
තාක්ෂණය මඟින් කලාවේ රසයන් උකහා ගැනීමෙන් බිහි කරන ලද විද්‍යාවූත් කලාත්මක වූත් ප‍්‍රබලතම ප‍්‍රකාශන මාධ්‍ය ලෙසින්ද චිත‍්‍රපටය හදුන්වා දිය හැකියග අනෙකුත් සාම්ප‍්‍රදායික කලා මාධ්‍යයන්ට වඩා ග‍්‍රාහකයා කෙරෙහි බලපෑමක් ඇති මාධ්‍යයකි චිත‍්‍රපටය මේ තුළ ඇති සන්නිවේදන ශෛලිය වෙනත් කවර කලාවන්ට වඩා ඉහළ තලයක පවතී
වෙනත් කලා මාධ්‍යයන් හා සැසදීමේදී චිත‍්‍රපටය පෙනෙනුයේ මිනිසා මුහුණපාන අර්බුධකාරී ව්‍යවසනකාරී සාමාජික සංස්කෘතික ආර්ථික තත්ත්වයන් අවබෝධ කර ගැනීමට යොමු කිරීමක් ලෙසය සිනමාව කියවන්නෝ නරඹන්නෝ නැතිනම් සිනමාවෙන් වින්දනයක් ලබන්නෝ ප්‍රෙක්ෂකයෝ‍ වෙත විවිධ මට්ටම් වලින් රසඥතාවයෙන් යුතු ඔවුන්ගේ රුචිකත්වය සාපේක්ෂ වේ නමුත් මේ සෑම දෙනාට පොදු වු ප්‍රෙක්ෂකයෝය
චිත‍්‍රපටය පවතින්නේ මේ රුචිකත්වය මතයි සිනමාවේ මුලික පදනම රූපයයි ඒ හේතුවෙන් කුමන භාෂාවක් නැතහොත් කිසිවක් ලිවීමට කියවීමට නොදන්නා අයට පවා රස විදිය හැකිය චිත‍්‍රපටයේ භාෂාව වන රූපය එක් රටකට එක් ජාතියකට සීමා වූවක් නොවේ එය විශ්ව භාෂාවකි
ලෝකයේ විවිධ ජාතීන්ට පොදු වූ භාෂා පැවතියද චිත‍්‍රපටය  ඕනෑම රටකට ජාතියකට පොදුය සිංහල දමිළ ඉංගී‍්‍රසි හින්දි යන චිත‍්‍රපටයන් වුවද සෑම දෙනාටම රස විදිය හැකි මාධ්‍යයන් බවට චිත‍්‍රපටය පත්ව ඇත
චිත‍්‍රපටය යනු යථාර්ථය හෙළි කරන්නක් ලෙසද යථාර්ථය අනුකරණය කරන්නක් ලෙසද අර්ථ දක්වා ඇතග චිත‍්‍රපටයේ යථාර්ථය හෙලිදරව් කිරීම යනු ලෝකයේ එහි පවත්නා ආකාරයෙන්ම ප‍්‍රදර්ශනය කිරිම අරමුණු කර ගත් චිත‍්‍රපටය යන්නයි මෙහිදී අනුකරණය භාවිතා කරන්නේ ප්‍රෙක්ෂකයා ප‍්‍රබන්ධනාත්මක තෘප්තියක් ලබා දීමේ මාර්ගයක් ලෙසටය
සිනමාවේ බිහිවීම සදහා ආලෝකය පිළිබඳ යම් යම් සොයා ගැනීම් ඒ සදහා පාදක විය පතුලේ සිට දුම්රියක් කෙළින්ම කැමරාව වෙතට ගමන් කරයි දුම්රිය ඉදිිරියට එත්ම භ‍්‍රාන්ත වූ පේ‍්‍රක්ෂකයෝ ශාලාවෙන් පිටතට දිව ගියෝය සිනමාව උපන්නේ ඒ මොහොතේදීය (වර්ණකුලසූරිය, 1990 ,පි 73)
පසු කාලීනව මෙය වර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස එඞ්වින් එස් පෝටර් ජෝජ් මේලිස් ලියොන් ගෝමොන් චාල්ස් පාතේ වැනි පුරෝගාමීන් දායක විය
කලාවක් හැටියට සලකා චිත‍්‍රපටය හැදෑරීමේදී කිසිවෙකුට එහි තාක්ෂණික පක්ෂය අමතක කල නොහැකිය රූපගත කිරීම් ශබ්ධ පටිගත කිරීම් සංස්කරණ ශිල්පීය පටිගත කිරීම් ආදී තාක්ෂණික අභිවර්ධනයන් පදනම් කොට ගෙන ගොඩ නැගී ආ චිත‍්‍රපට කලාව හැදෑරීමට එහි තාක්ෂණය හා බද්ධ කරුණු වැදගත් වන්නේ එබැවිනි
සෙසු කලා මාධ්‍යයන් හා සසදන කළ සිනමාවට පැවසිය හැකි තරම් දිගු ඉතිහාසයක් නොමැති අතර එය අනෙක් කලා මාධ්‍යයන්ගේ කාර්මික ඥානයේ ප‍්‍රතිඑලයක් ලෙස ගොඩනැගුණ දෙයකි නමුත් මෙහිදී අමතක නොකළ යුතු එක් කරුණක් පවතී, එනම් සිනමාවට අනෙකුත් මාධ්‍ය වලින් යම් තරමේ හෝ අනුබලයක් ලැබුනද එයටම ආවේණික වූ භාෂා රටාවෙකෙනුත් අනුනව මෙය තව දුරටත් අනෙකුත් කලා අතික‍්‍රමණය කරමින් හැදී වැඞී පොෂණය වී ඇත
චිත‍්‍රපටය වු කලී කලාවකි එමෙන්ම කර්මාන්තයකි මෙම ලක්ෂණයන් දෙකම වරින් වර ඔවුන් පරයා නැඟී සිටියි මෙම හේතුව නිසා චිත‍්‍රපටය කලාත්මක අංශය පිළිබඳවත් කර්මාන්ත අංශය අමතක කොට දමා කලාත්මක අංශය පිළිබඳවත් කිසි විටක කතා කළ නොහැක
            1983 වර්ෂය ජගත් සන්නිවේදන වර්ෂය ලෙස නම් කිරීමත් සමඟ සන්නිවේදන ලෝකයේ සිදු වු පෙරලිය සිනමාවේ උන්නතියට බලනොපෑ බව කිසිවෙකුට පැවසිය නොහැකිය සන්නිවේදන ක්ෂේත‍්‍රයේ උත්පාදනය වී තිබෙන තරඟකාරී තත්ත්වය යටතේ සිනමා මාධ්‍ය දුෂ්කරතා රාශියකට මුහුණ පෑ අතර නව තාක්ෂණය මේ හරහා ගොඩ නැඟීම හේතුවෙන් සිනමා කර්මාන්තයට එය මහඟු තෝතැන්නක් විය
            චිත‍්‍රපටය තුළින් මුලික වශයෙන් සිදු වන්නේ ගෝචර සංකේත මාලාවක් තුළින් මුලික වශයෙන් සිදු වන්නේ මානුෂික අත්දැකීම් මාලාවත් උද්දීපනය කිරීමය එකිනෙකා චිත‍්‍රපට නරඹන්නේ තම තමන්ට පොදු වු හේතූන් නිසාය ඒ සදහා අන්තර්ජාලය වූ කලී පහසු වූ ලාභදායි මාර්ගයකි
            ඇතැමුන් චිත‍්‍රපට නරඹන්නේ තමා කියවා ඇති නවකතා චිත‍්‍රපටයට නැගූ විටය තවත් කෙනෙක් තමා සිත් ගත් නළු නිලියන් පසු පස යයි තවත් සමහරු චිත‍්‍රපට කලාවට ආවේණික වූ ඇතැම් ලක්ෂණයන් ගැන යම් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ සිංහල සිනමාවටත් හින්දු දමිළ ඉංගී‍්‍රසි චිත‍්‍රපට සදහා දිගු ඉතිහාසයත් දැක ගත හැකිය
චිත‍්‍රපට කලාව පිළිබඳ විශාරදවරයෙකු වන රොජර් මැන්වෙල් පවසන අන්දමට ඇමරිකාවේ එකලොස් කෝටියක් පමණද බි‍්‍රතාන්‍යයේ කෝටි හතර හමාරක් පමණද සතියකට චිත‍්‍රපට නරඹයි. වසර 10 ත් 16ත් අතර ගැහැණු පිරිමි ළමුන් 1163 ගෙන් ප‍්‍රශ්න කල ප‍්‍රංශයේ සමාජ විද්‍යාඥයෙකු වූ ආචාර්ය ලී මෝල් පිරිමි ළමයින්ගේ 91% ක් ගැහැණු ළමුන්ගේ 71% ක් සිනමාවට ඉතා ලැදිකමක් දක්වන බව අනාවරණය කලේය.(ජයතිලක,  1999, පි 56)
            අද වන විට සිනමා වංශ කතාවේ පුරෝගාමී මාවත් පසු කරමින් ඉතා පහසුවෙන් චිත‍්‍රපට නැරඹීමේ හැකියාව පවතී. චිත‍්‍රපටය අන්තර්ජාලය හා සමීප වීම හේතු කොට ගෙන අද වන විට කැමති චිත‍්‍රපටයක් අන්තර්ජාලගතව නැරඹීමේ හැකියාව පවතී.
            තාක්ෂණයෙහි අධිවේගී වර්ධනය හමුවේ සන්නිවේදන තාක්ෂණයද මේ වන විට නවීන සන්නිවේදන මෙවලම් වලින් පොහොසත් වී ඇත. ඉතා ළදරු මට්ටමක පැවති සන්නිවේදන කි‍්‍රයාවලිය වර්තමාන ලෝකය ජාලාවකින් බැඳ දැමීම දක්වා වූ දැවැන්තයෙකු දක්වා බවට පත්වූයේ සන්නිවේදන තාක්ෂණයේ ක‍්‍රමික දියුණු හේතුකොටගෙනය.
            නව මාධ්‍ය යන යෙදුම භාවිතයට පැමිණෙන්නේ 1980 දශකයේ වුවද එහෙත් එය ප‍්‍රචලිත වන්නේ 1990 පසුවය ඩිජිටල් තාක්ෂණයෙහි වර්ධනයත් සමඟ සන්නිවේදන  මාධ්‍ය තාක්ෂණයද සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති බවය.
            අන්තර්ජාල තාක්ෂණයෙහි උපත 1969 දී ඇමරිකාවෙන් ඇති වූවකි න්‍යෂ්ඨික අවි ගුවන් නාශක හා මිසයිල පද්ධතිය පාලනය කිරීම සඳහා ජාලගතකරණයක අවශ්‍යතාව ඇමරිකාවට මතු විය. එය තත්පරයට කිලෝබයිට් 50 ක වේගයක් සහිත පරිපථ වලින් එකිනෙක වලින් සම්බන්ධ වේග සම්පත් බෙදා හැරීම මෙන්ම සම්පත් කිහිප තැනක පවත්වා ඒවා ප‍්‍රමිතිය හා අන්තර්ජාලය පාලන ක‍්‍රමය අන්තර්ජාලයේ ප‍්‍රධාන සන්නිවේදන ප‍්‍රමිති බවට පත් වීම මෙම පරිගණක ජාලගතකිරීමේ වර්ධනීය අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය.
            එතැන් පටන් එදර්නෙට් යූස්නෙට් බිට් නෙට් සී එස් නෙට් වැනි ජාලගත කිරීම් හරහා අන්තර්ජාලය මේ වන විට ග‍්‍රාහක සංඛ්‍යාව කාර්්‍යයන් හා සේවාවන් අතින් අතිශය දියුණු තත්ත්වයක සිටියි. 1992 අන්තර්ජාලය මත සේවාවන් ආකර්ෂණීය ලෙස හැසිරීමට සමත් වූ තාක්ෂණය ලොවට බිහි විය.
අන්තර්ජාලය අද වන විට 21 වන සියවසේ ප‍්‍රබලතම සන්නිවේදන මාධ්‍යයක් බවට පත් වී හමාරය.අන්තර්ජාලය හෙවත් ඉන්ටර්නෙට් විවිධ පුද්ගලයින් විසින් නිර්වචනය කර ඇත.
            අන්තර්ජාලය යනු වර්තමානයේ පවතින විශාලතම ජාලයන්ගේ ජාලය මෙන්ම අනාගත සුපිරි තොරතුරු මාවතේ සමීපතම ආකෘතියයි. ( ජී ටී මධූභාෂිනී 2008 පි 30)
            යුනෙස්කෝ ආයතනයෙන් පළවන යුනෙස්කෝ සෝසස් පති‍්‍රකාවට අනුව ඉන්ටර්නෙට් යන්න පැහැදිලි කර ඇත්තේ ලොව වටා පවතින මිලියන ගණනක් වූ පරිගණකයන් වටා ඒකාබද්ධ කොට මෙමගින් තොරතුරු වර්ගීකරණය කර ඒවා පුවත්පත් ගුවන්විදුලිය රූපවාහිණිය සහ වෙනත් මාධ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සඳහා ලබා ගැනීමට ඉඩ සැලැස්වීමය. (සුගත් 2001 පි 123)
            අන්තර්ජාලය යනු පශ්චාත් නූතනවාදී තාක්ෂණය මත පදනම් වූ ජාතික මෙන්ම ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක මාධ්‍යයයි. ( ජී ටී මධූභාෂිනී 2008 පිටු 30)
            විනෝදාත්මක මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය වැදගත් වේ. මෙහිදී හුදු විනෝදාස්වාදයට  පමණක් නොව එමඟින් රසවින්දනයක් සමඟ දැනුම පුළුල් කර ගැනීමට හැකි වේ විනෝදාස්වාදය උදෙසා චිත‍්‍රපට ටෙලි නාට්‍ය ගීත යනාදී කලාවන් මෙමඟින් නැරඹීමට ශ‍්‍රවණය කිරීමට හැකිය.
            අන්තර්ජාලය මගින් ලොව වටා මිලියන ගණනක් වූ පරිගණකයන් එකට ඒකාබද්ධ කොට ඒ මගින් තොරතුරු වර්ගීකරණයන් කොට පුවත්පත් ගුවන්විදුලි රූපවාහිණී හා වෙනත් ප‍්‍රවේශ වීමේ මාර්ගයන් ලෙස අන්තර්ජාතික තොරතුරු සම්පාදන ජාලය සැකසී ඇත. (මධූභාෂිනී 2008 පි 30)
            21 වන සියවසේ සිටින මිනිසා විශ්ව ගම්මාන සංකල්පය අභිබවමින් වර්තමානයේ විශ්ව පවුල සංකල්පය දක්වා පැමිණ ඇති බව පෙනී යයි. පරිගණකය හරහා මුල්කාලයේ අන්තර්ජාලය භාවිතා කලද වර්තමානයේ බොහෝ දෙනා ජංගම දුරකථන හරහා අන්තර්ජාලයට පිවිසීමේ ප‍්‍රවණතාවක් වෙයිග මේ නිසා මුළු ලොවම වර්තමානයේ මිනිසාගේ අත්ල මතට පැමිණ ඇත.
            ලොව පුරා වෙසෙන දශලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්ටර්නෙට් වලින් ලැබිය හැකි ආශ්වාදය විඳ ඇත. 21 වන සියවසේ ප‍්‍රබලතම සන්නිවේදන මාධ්‍යක් වන අන්තර්ජාලය නිර්මාණය වන්්නේ තාක්ෂණික වර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙසිනිග ලෝක ප‍්‍රජාව තුළ අන්තර්ජාලය භාවිතය සීඝ‍්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර නව අංග හා ක‍්‍රමවේදයන් ඔස්සේ නව සීමාවන් අතික‍්‍රමණය කර ගනිමින් සිටියි.
වර්තමානයේ ලංකාවේ අන්තරජාල භාවිතය ඉතා සීඝ‍්‍රයෙන් වර්ධනය වන්නකි. සියලූ දෙනාම එකට තොරතුරු ප‍්‍රවාහයකට එක් කරන විවෘත වූ අධ්‍යාපනික ව්‍යාපාරික විනෝදාස්වාදය ආදී වූ දෛනික ජීවිතයේ සියලූ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සදහා අන්තර්ජාලය අද වන විට භාවිතා කරන මාධ්‍යයකි.
                        අන්තර්ජාලයෙන් චිත‍්‍රපට නැරඹීම පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය තාක්ෂණයේ නවතම පෙරළිය බවට පත්ව තිබේග මේ හරහා නව කලා ප‍්‍රකාශනයක් විකාශනය කිරීමටද මහත් රුකුලක් ලැබේ.
                        තාක්ෂණය සමඟ බිහි වූ ඇතැම් කලා මාධ්‍යයන් පවා අන්තර්ජාලය බිහිවීමත් සමඟ තවදුරටත් පරිණාමයට පත් වියග කලාව රස විදීමට මහත් වේලාවක් කැප කිරීම වෙනුවට ඉතා පහසුවෙන් අන්තර්ජාලයට පිවිස කලා කෘති රස විදීමට හැකියාව ලැබුණි.
අන්තර්ජාලය හරහා චිත‍්‍රපට නැරඹීමේ කලාව වර්ධනය වෙමින් පවතී අද වන විට සිනමා ශාලා වෙත ගොස් චිත‍්‍රපට නැරඹීමට අවශ්‍ය නොවේ.
2010-2015 අන්තර්ජාලය තුළ විකාශනය වු චිත‍්‍රපට ගණන මෙසේ ගණනය කළ හැකිය.
2010-2015 අන්තර්ජාලය තුළ විකාශනය වු චිත‍්‍රපට ගණන
    
     සිංහල                           310
     ඉංගී‍්‍රසි                          2109
     හින්දි                           2487
     දමිළ                            2345
එසේම අන්තර්ජාලය හරහා පෞද්ගලිකව චිත‍්‍රපට නැරඹීමේ හැකියාවක් පවතින අතර ඒ හරහා පෞද්ගලිකව රසාස්වාදයක් ලැබිය හැකිය. නමුත් අන්තර්ජාලය තුළ චිත‍්‍රපට මුදා හරින්නේ වෙබ් අඩවි වලටයග එහිදී පේ‍්‍රක්ෂකයන් චිත‍්‍රපට යළි යළිත් නරඹන විට අතර මැදියෙකුගෙන් තොරව මුදල් අයකර ගැනීමේ හැකියාවක් ද පවතී. එහිදී චිත‍්‍රපට නිෂ්පාදකවරයාට පාඩුවක් සිදුවුවද චිත‍්‍රපට අන්තර්ජාලය හරහා ප‍්‍රබල ජනපි‍්‍රයත්වයක් හිමි කර ගනී ටොරන්ට් ක‍්‍රමය හරහා චිත‍්‍රපට බාගත කර ගත හැකිය.
විශාල කාලයක් වැය කර නිර්මාණය කරන චිත‍්‍රපටය අබිබවා විකල්ප සිනමාවඅන්තර්ජාලය හරහා වර්ධනය වී ඇතග සිනමා කෘතීන් විශාල පිරිසක් අතර ව්‍යාප්ත වීමට අන්තර්ජාලය හරහා ඉඩකඩ ලැබී ඇත. අන්තර්ජාලය විනෝදාස්වාද මාධ්‍යයක් වීමත් සමඟ එයින් ලබා දෙන ලද සේවාවන් අතිවිශාල විය. එහිදී ඒ අතරින් චිත‍්‍රපට නැරඹීම ප‍්‍රධානය.
අන්තර්ජාලයෙන් චිත‍්‍රපට නැරඹීම හරහා බාගත කිරීම මගින් හා ඔන්ලයින් ක‍්‍රමවේදය යටතේ කැමති වේලාවක කැමති ආකාරයක කැමති වෙබ් අඩවියක් භාවිත කරමින් චිත‍්‍රපට නැරඹීමේ අවකාශය අද වන විට ගෝලීයකරණය සමඟ නව මාධ්‍යයක් වශයෙන් ලැබී ඇති වරප‍්‍රසාදයකි.
වැඩි වශයෙන් තරුණ පිරිසක් අතරේ වේගයෙන් ව්‍යාප්ත වන්නා වූ මෙම අන්තර්ජාල ක‍්‍රමවේදය හරහා හින්දි දමිළ ඉංගී‍්‍රසි හා සිංහල යන චිත‍්‍රපට කැමති රුවිකත්වයන් මත තෝරා ගැනීම් සිදු කල හැකිය. අද වන විට මෙම අන්තර්ජාලය භාවිතා කිරීම සදහා ජංගම දුරකථන හා ලැප්ටොප් යන යන්ත‍්‍ර බොහෝ සෙයින් භාවිතා කරන ආකාරයක් දැක ගත හැකිය.
            අද වන විට ඉතා අඩු මුදලක් යොදා ගනිමින් වයි ෆයි ක‍්‍රමවේදය හා ඩොන්ගල් යන ක‍්‍රමවේදයන් භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව උදා කරගෙන ඇතග මෙසේ අන්තර්ජාලය පහසුකම ලබා ගැනීම සදහා ඉතා අඩු මුදලක් වැය වන නිසාවෙන් එය පහසු වූ ක‍්‍රමවේදයකි.
වර්තමාන පරම්පරාවට පර්ගණකය සාමාන්‍ය භාණ්ඩයකි එබැවින් ඒ  හරහා කලා ප‍්‍රකාශනයක් ජනපි‍්‍රය වීම නොවැලැක්විය හැකිය.  විවිධ සමාජ ජාල ඔස්සේ  ප‍්‍රමාණය ලබා දීමද දක්නට ලැබේග ඒ හරහා සිනමාව වැනි කලාවන්ට ප‍්‍රචලිත වීම සදහා අන්තර්ජාලය නොමඳ සහයක් ලබා දෙයි.

No comments:

Post a Comment