Wednesday, April 19, 2017

මාධ්‍ය සාක්ෂරතාව



මාධ්‍ය සාක්ෂරතාව

සාක්ෂරතාව යන්නෙන් අදහස් කරන්නේ කිසියම් පුද්ගලයෙකුට ලිවීමේ හා කියවීමේ හැකියාවයි. එහෙත් වර්තමානය වන විට මෙම නිගමනය එක්තරා දුරකට වෙනස් වී ඇත. වර්තමානයේ සාක්ෂරතාව යන්න හඳුන්වා දෙන්නේ කිසියම් ආකාරයක අධ්‍යාපනයක් ලබා දීම යනුවෙනි. මාධ්‍ය සාක්ෂරතාව තේරුම් ගැනීමේ හැකියාවයි. විශේෂයෙන් වර්තමානයේ පැන නගින ගැටළුවක් වන්නේ සමහර චිත‍්‍රපට ටෙලි නාට්‍ය ආදිය ග‍්‍රාහකයාට තේරුම් ගැනීමට ඇති නොහැකියාවයි. එහිදී හඳුනා ගත හැක්කේ කිසියම් කෝණ, වර්ණ, භාවිතය ආදිය තුළින් ඉදිරිපත් කරන අදහස තේරුම් ගැනීමට අපහසු වීමයි
මාධ්‍ය සාක්ෂරතාව පිළිබව වඩාත් කතා බහට ලක් වූයේ ටෙලි විෂනය වේගයෙන් පැතිරීම හා එය ජනප‍්‍රියතම මාධ්‍ය බවට පත්වීම නිසයි. ඊට හේතුව ටෙලිවිෂනයේ විවිධ අංශ වලින් අනිකුත් මාධ්‍යන්ට වඩා දැඩි බලපෑමක් ජනතාවට සිදු වීමයි. එහි ඇති ආකර්ෂණිය බව ජනමෝහනය කිරීමේ ඇති අපූරු හැකියාව මේ බලපෑමට වඩාත් හේතු විය. විවිධ භූගෝලීය සීමාවන්ගෙන් තොරව රූපවාහිනියේ බලපෑමට විවිධ ජන කණ්ඩායම් ගොදුරු විය.
මේ රූපවාහිනියේ බලපෑම වැඩි වශයෙන් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට වැඩි වශයෙන් බලපාන්නට විය. මාධ්‍ය මගින් ලබා දෙනු ලබන සංදේශය හරි හැටි අවබෝධ කර ගත නොහැකි වු අය මධ්‍ය මගින් ලබා දෙනු ලබන දේ ඒ ආකාරයෙන්ම වටහා ගත් බවද සදහන් වේ.
වර්තමාන සමාජය මාධ්‍ය සංදේශවල පෙළ  කියවීමේ අන්තර් ක‍්‍රියාකාරීත්වයක් බවට පත්ව සිටී. වර්තමාන පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ වයස අවුරුදු තුන වත් වන විට අද්‍යතන සමාජයේ දරුවෙකුට රූපවාහිනිය නැරඹිය හැකි බවයි. එහි ඇති අන්තර්ජාලය එලෙසින්ම වටහා ගත හැකිමුත් දක්ෂ ලෙස නැරඹිය හැකි බවයි. (අජන්තා හපුආරච්චි 2008, පිටු 28)
මාධ්‍ය විශාරද පෝල් මැසිරිස්  මාධ්‍ය සාක්ෂරතාව අරුත් දක්වන්නේ  සමාජයේ මාධ්‍ය ක‍්‍රියාත්මක වන ආකාරය කෙසේද යන්න පිළිබදව ඇති දැනුම මාධ්‍ය සාක්ෂරතාව වශයෙනි.
මාධ්‍ය සාක්ෂරතාව පිලිබද අවබෝධ  කරගත් පුද්ගලයා හට මාධ්‍ය බලපෑම පිළිබද  අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. පුද්ගලයා මාධ්‍ය මගින් ලබා දෙනු ලබන සංදේශය ඒ ආකාරයෙන්ම ග‍්‍රහණය කර ගන්නේ නැත. ඔවුන් ඒ ආකාරයෙන්ම එය ග‍්‍රහණය කර ගන්නේ නම් එය හයිපොඩෝමික් නීඩ්ල් තියරි වේ.
මෙම න්‍යායට අනුව මාධ්‍ය මගින් ලබා දෙන සංදේශය ඒ ආකාරයෙන්ම ග‍්‍රාහකයට එන්නත් කිරීම වේ. එසේ ග‍්‍රහණය කර ගැනීමෙන් පසු ඊට ප‍්‍රතිචාරද දක්වන බවයි. නමුත් මෙය අක‍්‍රීය සංකල්පයක් වශයෙන් අර්ථ දැක්විය හැකිය. මන්ද අද පුද්ගලයා මාධ්‍ය මගින් ලබා දෙන සංදේශය එලෙසින්ම ලබා ගන්නේ නැත. එහි යම් යම් කරුණු අඩු හෝ වැඩි විය හැකිය. උදාහරණ වශයෙන් යම් කිසි රූපවාහිනී නාලිකාවක් මගින් වෙළද ප‍්‍රචාරණයක් සිදු කල යැයි සිතමු. එහිදී යම කිිසි රෙදි සෝදන සබන් කැටයක් පිළිබද වෙළද දැන්වීමක් වුවද එය ග‍්‍රාහකයා වටහා ගන්නාට ඒ ආකාරයෙන්ම ඒ මොහොතේම ප‍්‍රතිචාර දක්වන බවක් දැක ගත නොහැක. ඒ හේතුවෙන් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබද අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.
ග‍්‍රාහකයාට මාධ්‍ය සංදේශවල විවිධ උපක‍්‍රම විශ්ලේෂණය කිරීමේ හා සාකච්ඡා කිරීමේ ඇති හැකියාව තිබිය යුතුය. එහිදී මාධ්‍ය මගින් ලබා දෙනු ලබන සංදේශය එ ආකාරයෙන්ම වටහා ගැනීමට උත්සහ දරන්නේ නැත.
කුමන වැඩසටහනක් වුවද  ජනතාව අතට පත් කරන සංදේශ වල ඇති හිතකර හා අහිතකර තත්වය තෝරා බේරා ගැනීමට ග‍්‍රාහකයා දක්‍ෂ විය යුතුය. එහිදී විවිධ ටෙලි නාට්‍ය හෝ චිත‍්‍රපට හරහා නොයෙක් ආකාරයේ දර්ශන  තල ග‍්‍රාහකයාට ලබා දිය හැකිය.  එහිදී ලබා දෙන්නේ සභ්‍යය හෝ අසභ්‍යය විය හැකිය. එය තෝරා බේරාගෙන ලබා ගැනීමට  හැකියාව තිබිය  යුතුය. පුවත්පතක ලිපියකට අවශ්‍ය ජායාරූප රේඛා, චිත‍්‍ර එමෙන්ම වෙනත් ප‍්‍රස්තාර වුවද යොදාගත් ජනතාව අතට පමුණුවන සංදේශයක එකී ප‍්‍රයෝග දැන ගැනීමෙන්  වඩාත් ඵලදායක අරුතක් වටහා ගත හැකිය. එබැවින් මාධ්‍ය සාක්‍ෂරතාවේ දී එ මාධ්‍ය සතු තාක්‍ෂනික  පිළිබඳ දැනීම ප‍්‍රයෝජනවත් වේ. මාධ්‍ය සංදේශයක නිපුණතාවයද වඩාත් අරුත් දනවන්නකි. මාධ්‍ය මගින් ලබා දෙනු ලබන සංදේශය ලබා දෙන්නේ ග‍්‍රාහකයා යම් කිසි කාර්යයක නිරත වී සිටියදී විය හැකිය. එහිදී ලබා දෙනු ලබන සංදේශය එ් ආකාරයෙන් ම ග‍්‍රහණය නොකර එහි ඇති අඩු ලූහුඩුතා මඟ හරිමින් පණිවිඩය හෝ සංදේශය ග‍්‍රහණය කර ගැනීමට ග‍්‍රාහකයා දක්‍ෂ විය යුතුය.
සන්නිවේදන විචාරකයන් පෙන්වා දෙන්නේ දියුණු මාධ්‍ය සංස්කෘතියක් සංදේශ තේරුම් ගැනීම සඳහා සංදේශයන් හි අන්තර්ගතය මෙන්ම අදාල මාධ්‍යයේ ව්‍යුහය මෙන්ම තාක්‍ෂණය පිළිබඳවද අවබෝධයක් ග‍්‍රාහයාට තිබිය යුතු බවයි. එසේ නොවන අවස්ථා වලදී මාධ්‍ය සංදේශ තේරුම් ගැනීමට ග‍්‍රාහකයාට අසීරු වනු ඇත. මාධ්‍ය තාක්‍ෂණය හා බැඳෙන සමහරක් කරුණු පිළිබඳ  අවබෝධයක් පවතින්නේ එම විෂය පිළිබඳ කිසියම් අවබෝධයක් සහ දැක්මක් තිබෙන්නේනම් පමණි. මෙහිදී මාධ්‍ය හා මාධ්‍යකරුවා සතු වගකීම වන්නේ එවැන් මාධ්‍ය සාක්‍ෂරතාවක් සහිත පුද්ගලයන් සමාජය තුල වර්ධනය කිරීමය. උදාහරනයක් වශයෙන් යම් විටෙක මාධ්‍යය විසින් ලබා දෙන ලද පණිවිඩය ලබා දෙන්නේ සංකේත ජනිත වන ආකාරයෙනි. එහිදී සුදු අරලිය මලක් පරවී බිමට වැටීම තුලින් මරණයක් පිළිබඳ කරුණු අඟවයි. මෙහිදී එ්වා තේරුම් ගැනීමට මාධ්‍ය සාක්‍ෂරතාව අවශ්‍ය වේ. සමස්ථයක් වශයෙන් ගත් කල එවැනි මාධ්‍ය සාක්‍ෂරතාවක් ගොඩ නැගීමේදී මාධ්‍ය සතු වගකීම මෙන්ම ග‍්‍රාහකයා තුල තිබිය යුතු ඉඩ හා උනන්දුව අතිශයින් වැදගත් වේ.

2 comments:

  1. ටෙලි නාටයක,රූපවාහිනි දැන්වීමක,මාධ්‍ය සාක්ෂරතාව විචාරය කරන්නේ කොහොමද,මගේ පැවරුමක් පිටු 8ක 10 ක විතර ඒ ගැන කියල දෙන්න පුලුවන්ද?? 0703599934, bkgmrodrigo@gmail.com

    ReplyDelete
  2. Harrah's Lake Tahoe Casino and Hotel - MapyRO
    Harrah's Lake 강릉 출장마사지 Tahoe Casino and Hotel. Lake Tahoe 1xbet login Casino and Hotel. South Lake Tahoe 통영 출장샵 Casino. South Lake Tahoe Casino and Hotel. South Lake Tahoe 영주 출장안마 Casino 김천 출장마사지 and Hotel.

    ReplyDelete