රූපවාහිනී ඉතිහාසය
ටෙලිවිෂන් යන්න ග‍්‍රීක වදන් දෙකක එකතුවකින්
සැදුනකි. ටෙලි - දුර, විෂියෝ - දැක්ම යන වදන් දෙකයි. ඒ මෑත
යුගයේ නවීනතම ජනමාධ්‍යය වශයෙන් ලෝක පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මාධ්‍යය
රූපවාහිනියයි. ලොව අන් ජනමාධ්‍යයන් දියුණුව ප‍්‍රබලව පවත්නා රටවල් පවා රූපවාහිනිය
පිළිබඳ එක්තරා බියකින් පසු විය. එහෙත් එය අස්ථාන බියක් බැව් 90 දශකය වන විට කාහටත් අවබෝධ වී හමාරය. ඒ කෙසේ
වෙතත් අන් ජනමාධ්‍යයන්ට නොමැති විශේෂ අංග ලක්ෂණ කිහිපයක් නිසා ඇතැම් විට ඉදිරියෙන්
සිටින අවස්ථා ඇත
විද්‍යුත් ශබ්ද තරංග ගුවනින් යවා ග‍්‍රාහක යන්ත‍්‍ර මගින් නැවත ශබ්ද බවට හරවන ගුවන් විදුලිය නිපදවූ මුල් කාලයන්හි පමණක් නොව රූපයද එකවර දැකිය හැකි ක‍්‍රමයක් සොයා ගැනීමට උත්සුක වූවෝ විවිධ පර්යේෂණ පැවැත්වූහ. රූප ටෙලිෆෝනය එවන් එකකි. නමුත් ඊට රැහැන් භාවිත කරන්නට සිදු විය.
විද්‍යුත් ශබ්ද තරංග ගුවනින් යවා ග‍්‍රාහක යන්ත‍්‍ර මගින් නැවත ශබ්ද බවට හරවන ගුවන් විදුලිය නිපදවූ මුල් කාලයන්හි පමණක් නොව රූපයද එකවර දැකිය හැකි ක‍්‍රමයක් සොයා ගැනීමට උත්සුක වූවෝ විවිධ පර්යේෂණ පැවැත්වූහ. රූප ටෙලිෆෝනය එවන් එකකි. නමුත් ඊට රැහැන් භාවිත කරන්නට සිදු විය.
විද්‍යුත් ශ‍්‍රව්‍ය - දෘශ්‍ය අංශු ධාරාවන්
රැුසක් සම්පේ‍්‍රෂණාගාරයක් මගින් විසුරුවා හැර නැවත තැනකදී ග‍්‍රහණය කර ගැනීමේ
මූලික විද්‍යාත්මක ක‍්‍රමය රූපවාහිනිය අරබයා සොයා ගන්නට සිදු වූ දෙයයි.
තිත් වලින් පින්තූර සැකසූ චිත‍්‍ර ශිල්පියෙකුගේ
නිර්මාණාත්මක ක‍්‍රියාවලිය රූපවාහිනියේ ආරම්භය කෙරෙහි බලපෑ බව එක් මතයකි. චිත‍්‍ර
ශිල්පියා තිත් දහස් ගණනක් යොදාගෙන කිසියම් රටාවකට අනුව සිය නිර්මාණය එළි දක්වනු
ලැබීය. රූපවාහිනියේ අද දකින රූපරාමු තිත් මගින් ගොඩ නැගී ඇති බැවින් එම අදහස
ඉදිරිපත් වී ඇත.
රූපවාහිනියෙහි මූලික මූලධර්ම පළමුවෙන් විකාශනය
වූයේ රූපයක් පරිලෝකනය, සම්පේ‍්‍රෂණය හා යළි උත්පාදනය සඳහා
විද්‍යුත් යාන්ත‍්‍රික ක‍්‍රමවේදයන් උපයෝගී කර ගනිමිනි. ඉලෙක්ට්‍රෝනික කැමරා හා
සංදර්ශක නාල පිරිපුන් බවට පත්කෙරෙත්ම සමස්ත වශයෙන් සියලූ උපයෝග සියල්ලෙහිම පාහේ
විද්‍යුත් යාන්ත‍්‍රික රූපවාහිනිය වෙනුවට සමස්ත ඉලෙක්ට්‍රොනික ප‍්‍රචාරණ රූපවාහිනී
පද්ධති ආදේශ කෙරිණි.
විද්‍යුත් යාන්ත‍්‍රික රූපවාහිනිය
යාන්ත‍්‍රික රූපවාහිනිය
1873 දී විලෝෆ්බි විසින් සෙලේනියම් මූලද්‍රවයේ ප‍්‍රකාශ
සන්නායතාවය සොයාගැනීමත්, 1884 දී පෝල් ගොට්ටිලෙබ් නිප්කොච් පිරික්සුම්
තැටිය සොයා ගැනීමත්, 1927 දී ෆීලියෝ ෆාර්න්ස්වර්ත් විසින් රූප
විච්‍ෙඡ්දකය සොයා ගැනීමත් යන සොයා ගැනීම් ත‍්‍රිත්වය රූපවාහිනී පද්ධතියේ සොයා
ගැනීමට ඉවහල් වී ඇත.
20 හැවිරිදි ජර්මන් විශ්වවිද්‍යාලයේ ශිස්‍යය
නිප්කොච් විසින් ලොව පළමු විදුලි යාන්ත‍්‍රික රූපවාහිනී පද්ධතිය පිළිබඳව වර්ෂ 1884 දී යෝජනා කළ අතර එය බලපත‍්‍ර ගතකරන ලදි.
නිප්කෝච් ගේ කැරකෙන තැටි නිර්මාණය ලොව පළමු රූපවාහිනී රූප පික්සල්ගතකරණය :ඍ්ිඑැරස‘ැර* වේ. 1990 අගෝස්තු මස 25 දින පැරීසියේ අන්තර්ජාතික ලෝක සල්පිලේ
පැවති අන්තර්ජාතික විදුලි සම්මන්ත‍්‍රණයේදී කොන්ස්ටන් පර්ස්කි විසින් ඉදිරිපත් කරන
ලදි ලිපියේ ‘‘රූපවාහිනිය’’ යන වචනය අඩංගුව තිබිණ. නිප්කෝට් හා අනෙකුත් අයගේ කාර්යභාරයන් සඳහන්
කරමින් එම ලිපියේ විදුලි යාන්ත‍්‍රික තාක්ෂණයන් සමීක්ෂණය කරන ලදි.
සෙලීනියම්වල ප‍්‍රකාශ සන්නායකතාවය හා
නිප්කොච්ගේ පිරික්සුම් තැටිය නිශ්චල රූපවල ඉලෙක්ට්‍රොනික සම්පේ‍්‍රෂණයෙහි ප‍්‍රායෝගික
භාවිතයට එකතු වූයේය. 20 වැනි ශතවර්ෂයේ පළමු දශකය මුලදී විදුලි
ලිපි හා දුරකථන මාර්ගවලට වඩා නිවැරදිව ප‍්‍රවෘත්ති පත‍්‍ර සේවයක් ලෙස භාවිතා කරන
ලදි. කෙසේ වුවත් 1907 දක්වාම විස්තාරණ නාලිකා තාක්ෂණයේ
වර්ධනයත් නිර්මාණය ප‍්‍රායෝගික කිරීමට සමත් වූයේ නැත.
නිශ්චල ද්විතාන රූප ක්ෂණික සම්පේ‍්‍රෂණයේ පළමු
ප‍්‍රදර්ශනය වර්ෂ 1909 දී පැරිස්හිදී, ජෝජස් රිග්නෝස් හා ඒ ෆෝනියර් විසින් සිදු කරන
ලදි. කැරකෙන කැඩපත බෙරයක් පිරික්සුම ලෙසද, සෙලේනියම් කෝෂ 64 ක අච්චුවක් ග‍්‍රාහකය ලෙසද භාවිත
කෙරිනි.
1911 දී බොරිස් රොසින්ග් හා ඔහුගේ ශිෂ්‍යය
විලැද්ට්ර කොස්මා ස්වොරියිකින් විසින් යාන්ත‍්‍රික කැඩපත බෙර පිරික්සුමක්,
(සේවොර්සිකින්ගේ වචනවලින් රළු රූප* රූප වයරයක්
හරහා ග‍්‍රාහකයක ඇති ඉලෙක්ට්‍රෝනික බ්‍රෝන් නාලිකාවක් කරා (කැතෝඩ කිරණ නාලිකාව*
සම්පේ‍්‍රෂණය කරන රූපවාහිනියක් ඇති කළේය. පිරික්සුමේ සංවේදීතාවය ප‍්‍රමාණවත් නොවූ
නිසා හා සෙලේනියම් කෝෂය අවශ්‍ය වේගයෙන් අඩු වූ නිසා චලනය වන රූප ලබා ගැනීම අපහසු
විය.
1925 මාර්තු 25 දින, ස්කොට් ජාතික නිර්මාණකරුවකු වන ජෝන්
ලොගී බෙයාඞ් විකාශන සිලූවට රූප ප‍්‍රදර්ශනයක් ලන්ඩනයේ සෙල්ෆ්ජි දෙපාර්තමේන්තුවේදී
පැවැත්වූයේය. ටෙලිවිෂනය සජීවී භාග - තාන චලනය වන රූප සම්පේ‍්‍රෂණයක් වන නමුත් එය
සිලූවට, ද්විතාන හෝ නිෂ්චල රූප සම්පේ‍්‍රෂණය
නොවන්නක් ලෙස හෝ අර්ථ දක්වන්නේ නම්, එය
ජෝන් ලොගී බෙයාඞ් 1925 මාර්තු 25 දින මුදුන්පත් කර ගත්තේය. පසුව 1926 ජනවාරි 26 වන දින රාජකීය සංස්ථාවේ සාමාජිකයන්ට
පුවත්පත් වාර්තාකරුවන් පිරිසකට ලොව පළමු වැඩකරන රූපවාහිනී පද්ධතිය ප‍්‍රදර්ශනය
කළේය. බෙයාඞ්ගේ සිරස්ව පිරික්සන රූපයට තීරු 30 පමණද, එය ද්වි-දඟර කාචවලින් යුත් පිරික්සුම්
තැටියකින්ද යුක්ත විය. එය මිනිස් මුහුණක් පැහැදිලිව හඳුනාගත හැකිසේ පිටපත් කිරීමට
සමත් විය. පසු කාලයේ පද්ධතිවලට තීරු සිය ගණනක් ඇති විභේදන පද්ධති වර්ධනය විය.
1927 බෙයාඞ් සැතපුම් 458 ක ප‍්‍රමාණයටක ලන්ඩනයේ සිට ග්ලාස්ගෝට සංඥාවක් සම්පේ‍්‍රෂණය කරන ලදි.
1928 දී, බෙයාඞ් ආයතනය (බෙයාඞ් රුපවාහිනී වර්ධන ආයතනය / සිනමා රූපවාහිනිය*
පළමු අත්ලාන්තික් සාගරය හරහා වූ සංඥාව ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා සම්පේ‍්‍රෂණය
කළේය. කාච, තැටි හා පේ‍්‍රරක යොදා ගනිමින් ඔහු
විදුලි යාන්ත‍්‍රික වර්ණ අධෝරක්ත ත‍්‍රිමානේක්ෂ රූපවාහිනියක් ප‍්‍රදර්ශනය කළේය. එයට
සමගාමීව බෙයාඞ් වීඩියෝ පටිගත කිරීම් පද්ධතියක්, පෝනෝදෘෂ්ටි .ධයදබදඩසිසදබ. 1927 නිර්මාණය කළේය. 1932 දී
ඔහු අධි - කෙටි තරංග රූපවාහිනිය ප‍්‍රදර්ශනය කළේය. මැක්‍රොනි - ෑඵෂ මගින් වර්ධනය
කළ 405- තීරු ඉලෙක්ට්‍රොනික පද්ධතියකට 1936 දී මාරු කරන තුරුම ඊඊක් ය බෙයාඞ්ගේ 240
- තීරු විභේදන තම ප‍්‍රචාරක කටයුතුවලට යොදාගන්නා
ලදි. චලනය වන සුළං මෝලක සෙල්ලම් බඩුවක් නාවික රේඩියෝ ස්ථානයක් සිට තම වොෂින්ටනයේ
විද්‍යාගාරයට සිලූවට රූප මගින් සම්පේ‍්‍රෂණය කර පෙන්වීමට 1925 ජූනි 13 දින ඇමරිකානු ජාතික චාර්ලිස් ෆිරාන්සිස් ජෙන්කින්ස් සමත් විය. මේ
සඳහා ඔහු තීරු 48 ක පින්තූර මවන කාච සහිත තැටි
පිරික්සුමක් භාවිතා කළේය. (තත්පරයට පින්තූර 16* 1925 මැයි මාසයේදී බෙල් ටෙලිෆෝන් විද්‍යාගාරයට භාග - තාන රූප සම්පේ‍්‍රෂණය
කළේය.
මේ අතරතුර සෝවියට් සංගමයේ, ලියෝන් තර්මින් 16 -තීරු විභේදන කැඩපත් බෙර රූපවාහිනයක් 1925 දී ද, අනතුරුව 32 - තීරු රූපවාහිනියක්ද අවසානයේ 64 - තීරු රූපවාහිනයක් 1926 දී
ද තම නිබන්ධනයේ කොටසක් ලෙස 1926 ජූනි 07 දින ඉදිරිපත් කළේය. අඩි පහේ තිරයක් මත උස එක සමාන චලනය වන රූප ඔහු විද්‍යුතය ආධාරයෙන් ප‍්‍රක්ෂේපණය කළේය. 1927 වන විට ඔහු 100 - තීරු විභේදනයක් සහිත රූප :1931 ඍක්‍් මගින් නිපැයූ 120
තීරු අභිබවා යන තෙක් ඇති කිරීමට සමත් විය*
කෙසේ වුවත් 1927 අපේ‍්‍රල් 7 වන විට එතෙක් පැවති හොඳම රූපවාහිනී ප‍්‍රදර්ශනය
කිරීමට ෑ ඊව්ස් සමත් විය. ඔහු වොරන්ටනයේ නිව්යෝක් නගරයට වයර් සම්බන්ධක ආධාරයෙන් ද
විපති සිට නිව් පර්සි දක්වා ගුවන් හරහාද කුඩා පරිමාණ (අඟල් 2 × 2.05* හා පරිමාණ අඟල් 24 × 30) දර්ශනද සම්පේ‍්‍රෂණය කිරීමට අත්හදා බැලීය.
ඇමරිකාවේ වාණිජ පරමාර්ථ සහිතව රූපවාහිනී පවත්වාගෙන
ගිය බව සඳහන් වේ. පසුබිම පිළිබඳ අවබෝධය යොමු කිරීමට ඊඊක් කටයුතු කළ අතර එහිදී
ජර්මානු ජාතික කාල් බ‍්‍රවුන්ස් විසින් සොයා ගන්නා ලද කැතෝඩරේ ඔසිලෙස්කෝ නම්
උපකරණයත් රුසියානු ජාතික බ‍්‍රැස්මිල් සවුකින් විසින් නිපදවන ලද පින්තූර තලයත්
ඇමරිකානු විද්‍යාඥයා ෆලෝ ප‍්‍රාන්ස්වත් විසින් සොයා ගත් විද්‍යුත් පරිලෝකන ක‍්‍රමය
යන ක‍්‍රමය යොදා ගනිමින් මෙම තාක්ෂණය වැඩි දියුණු කෙරේ. මෙහිදී 1936 දී විද්‍යුත් යාන්ත‍්‍රික රූපවාහිනී ක‍්‍රමය
විද්‍යුත් රුපවාහිනි ක‍්‍රමයක් දක්වා පරිවර්තනය විය.
කළු සුදු රූපවාහිනී තාක්ෂණය වර්ණ තාක්ෂණය දක්වා
වැඩි දියුණු කිරීම පිළිබඳව පර්යේෂණ 1940 වන
විට ව්‍යාප්තව තිබුණි. 1946 දී ඇමරිකාවේ ආයතනය මගින් මුල්වරට
රූපවාහිනී විකාශන කටයුතු ඇරඹීය. වර්ණ
1980 දශකය දක්වා රූපවාහිනී තාක්ෂණය ක‍්‍රියාත්මක
වූයේ ‘ඇනලොග් තාක්ෂණය’ ඔස්සේ ජපානයේ ජාතික ගුවන් විදුලි හා රූපවාහිනි
ආයතනය වන භ්‍යණ ආයතනය මගින් රූපවාහිනී පින්තූරවල ගුණාත්මකබව සිනමා පින්තූරවල
ගුණාත්මක බව දක්වා වර්ධනය කිරීමේ අභිලාෂයෙන් ඇරඹේ. පර්යේෂණ සමග තාක්ෂණය, වර්ධනය කෙරුණි.
තාක්ෂණික පින්තූරවල ගුණාත්මක බව අභිබවමින් තාක්ෂණය
ඔස්සේ ජපන් ජාතිකයන් හඳුන්වාදීම රූපවාහිනී තාක්ෂණයේ ඉදිරි පිම්මක් විය. ඒ අනුව
සම්මත ප‍්‍රමිතීන් අභිබවා අධි තාක්ෂණික ප‍්‍රමිතියක් දක්වා රූපවාහිනී පින්තූරවල
ගුණාත්මක බව වඩා ඉහළට එසැවිණි. මෙය වර්තමානයේ රූපවාහිනී යන්ත‍්‍ර, කැමරා, සංයුක්ත තැටි ආදී උපාංග සමූහයක් නිර්මාණය වන්නේ මෙම තාක්ෂණය ඔස්සේය.
තාක්සණයේ විශේෂතා සමූහයකි. සාම්ප‍්‍රදායික
රූපවාහිනියේ පැවතියේ පිරික්සුම් රේඛා 525 ක් වන අතර රූපවාහිනියේ 1125
- 1150 ඛසබැ දක්වා පවතී. පුළුල් තිරය සාහිතය
පේ‍්‍රක්ෂකයාට රඟහලක ඇති ආකර්ෂණය ලබා දෙයි. සමීප ආකර්ෂණීය ශබ්දයේ ගුණාත්මක බව,
රූපරාමු වල තියුණු බව.
අද වන විට තාක්ෂණය (අධි සුපිරි ප‍්‍රමිතීන්
සහිත රූපවාහිනී* සහිත රූපවාහිනී තාක්ෂණයේ ඓතිහාසික විකාශනය ඪ්‍යෘ තාක්ෂණය සමගින්
අවසන් වෙතැයි කිව නොහැක. එය දිනපතා සැම මොහොතකම යාවත්කාලීන වෙමින් පවතියි. එම
තාක්ෂණය ඉහළ නැංවීම සඳහා මේ මොහොතේද ලොව යම් තැනක පර්යේෂණය වනු නොඅනුමානය. ලොව උඩු
යටිකුරු කරන මාධ්‍ය තාක්ෂණික උපාංගයක් බව නම් පැහැදිලිය

No comments:
Post a Comment